main_image

The Heirs Weekdays 20:30:00

දෙරණෙන් විකාශය වන Boys Over Flowers හි Gu Jun Pyo හෙවත් Lee Min Hoo රඟන අලූත්ම ටෙලි නාට්‍යය දෙසැම්බර් 15 වන දා සිට සෑම සතියේ දිනකම රාතී‍්‍ර 8.30 ට.
 The Heirs, 2013 වසරේ විකාශණය වූ ජනප‍්‍රියතම කතාමාලාව වන මෙය රටවල් 13ක විකාශණය වී ඉහල මිළකට අලෙවි වූ ටෙලි නාට්‍යයක් වේ. එසේම මෙය චීනයේ වෙබ් පිටුවල බිලියනයකට අධික පේ‍්‍රක්ෂක සංඛාවක් නැරඹූ එකම නාට්‍ය වේ. මෙය ආසියානු සිනමා උළෙලෙහි විශාල සම්මාන රැුසකට හිමිකම් කියනු ලැබේ.
අප කවුරුත් හොදින් හදුනන තරුණ පරපුරේ සිහින කුමරා වන Lee Min Hoo ( Gu Jun Pyo ) හා සුරූපී Park Shin Hye ( Chan Ean Sang ) ප‍්‍රධාන චරිතයට පණ පොවයි. මෙහි කථා පුවත ඉතා පොහොසත් පාසල් සිසුන් පිරිසක් වටා ගෙතී පවතී.
Kim Tan ( Lee Min Hoo ) කඩවසම් තරුණයකු වන අතර රට පුරා ආධිපත්‍ය පතුරවාගෙන සිටින ව්‍යාපාර ජාලයක අනාගත හිමිකරුවෙකු වෙයි. මොහු වැඩි දුර අධ්‍යාපනය සදහා ඇමරිකාව වෙත යවන අතර ඔහු වෙනුවෙන් ඔහුගේ වැඩිමහල් සහෝදරයා Kim Wan ගෙදර පැමිණ පවුලේ වගකීම බාරගනී. මේ අතර ඇමරිකාවේ දී Kim Tan ගේ සිත තම වැඩිමහල් සොයුරිය සොයා එම රටට පැමිණ සිටින Chan Ean Sang වෙත ඇදීයයි. එහෙත් Kim Tan සමග විවාහය ගිවිසගෙන සිටින Rachel Yoo ඔහුව නැවත කොරියාවට කැදවාගෙන යාමට පැමිණ සිටියි.
Chan Ean Sang සහ Kim Tan නැවත කොරියාවට පැමිණෙයි, ආදරය සහ වගකීම අතර අතරමං වන ඔහු කෙමෙන් ඇයට ආදරය කිරීමට පටන් ගනු ලැබුවත් පසුව ඇය ඔහුගේ නිවසේ ප‍්‍රධාන මෙහෙකරුගේ දියණිය බව දැනගනී. ඉන් පසු මුදල් සහ වගකීම් නිසා විවිධ හැලහැප්වීම් වලට ලක්වන ඔවුන්ගේ ජීවිත තම සිහින ලෝකය ජයගන්නා ආකාරය මෙම ටෙලිකතා මාලාව පුරා දිගහැරේ.

Cast :-
•    Lee Min-ho as Kim Tan
•    Park Shin-hye as Cha Eun-sang
•    Kim Woo-bin as Choi Young-do
•    Kang Min-hyuk as Yoon Chan-young
•    Choi Jin-hyuk as Kim Won
•    Kim Ji-won as Rachel Yoo



  • Video Gallery
    Showing 1 to 12 of 75 (7 Pages)
  • User Comments
  • lassana adarayak aa

  • lee min ho is sooooooo handsome. cuty

  • kim tan is soooooooo handsome. pipy

  • niiiiiiiice naniu

  • pissu ne ban yaka

  • awsome story,lovely... bear

  • lee min ho inna thawa drama ekak dannako... I love this drama. thank you for derana. cha

  • very nice. i love it.. caw

  • I loved this very much!!!!! Dula

  • thanks derana.tawa korean drama ekak denna. prasadi